News

ලොව වැඩිම කොරෝනා මරණ ඇමෙරිකාවෙන්

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වේ.

එම මරණ සංඛ්‍යාව 19,827ක්.

ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 508,126කි.

ඇමෙරිකාවට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 19,468කි.

ඊට අමතරව ස්පාඤ්ඤයෙන් මරණ 16,353ක්, ප්‍රංශයෙන් මරණ 13,197ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 9,875ක් සහ ඉරානයෙන් මරණ 4,357ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 161,852කි.

ඉතාලියෙන් ආසාදිතයින් 152,271ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 124,869ක් සහ ජර්මනියෙන් ආසාදිතයින් 123,826ක් වේ.