News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 යි සත 97 ක් ලෙස දැක්විය.

සූවස් ඇළේ නෞකාව හිරවීම හේතුවෙන් අනෙකුත් නෞකාවලට යාත්‍රා කිරීමට මේ වනවිට බලපෑම් මතුව තිබේ.