News

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව අද (07දා) වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.11ක් බවට පත්ව තිබු අතර . පසුගිය දෙසැම්බර් 25 වැනිදා වන විට මෙම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.77ක් දක්වා පහත වැටී තිබිණි.

කෙසේ වෙතත් දෙසැම්බර් 26 වැනිදා වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 54.76ක් බවට පත්විය. අනතුරුව එය දෙසැම්බර් 27 වැනිදා ඩොලර් 52.73ක් දක්වා අඩු විය.

ඔපෙක් සාමාජික රටවල් මෙන්ම රුසියාවද ජනවාරියේ පටන් සිය දෛනික තෙල් බැරල් නිෂ්පාදනය බැරල් ලක්ෂ 12කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල ඉහළ යෑම ප්‍රවණතාවක් බවට පත්වීමේ අවස්ථාවක්ද පවතී.