ලෝව ළාබාලම කොරෝනා ආසාදිතයා අලුත උපන් බිළිදෙක්
නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වු ලෝකයේ ළාබාලතම බිලිඳා ලන්ඩනයෙන් වාර්තා වී තිඛේ.
අලුත උපන් බිළිෙඳකුට මෙලස සිය මවගෙන් වෛරසය ආසාදනය වී ඇත.
උපත ලබා පැය කිහිපයක් තුල මෙම බිළිඳාට වෛරසය ආසාදනය වී ඇති අතර මේ වන විට දරුවාගේ තත්වය සුව වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කොරෝනා වෛරසයේ තිබිරි ගෙය ලෙස සැලකෙන චීනයේ වෛරසය ව්‍යාප්තිය මේ වන විට අඩු වුවද යුරෝපයේ රටවල් රැසක වෛරසය ව්‍යාප්තිය වැඩි වී තිඛේ.
ලෝකයේ රටවල් 150 කට වැඩි සංඛ්‍යාවකට මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති අතර පුද්ගල මරණ 6500 ඉක්මවා ඇත.
