News

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබා දෙනවා

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජය උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයින් සහ දේශපාලනඥයින් පිරිසක් අමතමින් ඊයේ (10) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වඩුමඩු තහනම් කිරීමට රජය කටයුතු කිරීමට තීරණය කර ඇති බව පවසමින් මොරටුව මහනගර සභාව ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අද උදෑසන 10 සිට මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව ඊට සම්බන්ධ වී සිටින වඩු කාර්මිකයින් පවසයි.