News

වත්තල ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද (21) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 8 සිට හෙට (22) රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අනුව වත්තල, තෙලගපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලහදූව සහ ඇළකන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.