වත්මන් ආණ්ඩුව අමාත්‍යධූර සංඛ්‍යාව 48 දක්වා ඉහළ දමා ගැනීමට උත්සහ ගන්නවා – එස්එ.ම් චන්ද්‍රසේන
අමාත්‍යධූර වැඩිකර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙන එන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.
අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර නිසැකයෙන්ම මේ වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත් වෙන බවත්, මේ රට පාලනය කළ යුතු පක්ෂය කුමක් ද යන්න පළාත් පාලන මැතිවරණයේ දී තීන්දු කර අවසන් බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසු අතර ජනතාව පොහොට්ටුව වැළඳ ගෙන ඇති අවස්ථාවක, එම ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගනිමින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් නැවත වතාවක් එතුමාගේ පාලනයකට යෑම සියලු දෙනාගේ අපේක්ෂාව බවත් ජාතික ආණ්ඩු සංකල්පය තුළින් වත්මන් ආණ්ඩුව අමාත්‍යධූර සංඛ්‍යාව 48 දක්වා ඉහළ දමා ගැනීමට උත්සහ ගනු ලබන බවත් කෙසේ වෙතත් ආණ්ඩුවට ආයුෂ ඇත්තේ මාස කිහිපයක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.