News

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25) එකඟතාවයකට පැමිණ ඇත බව වාර්තා වෙයි.

ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිත අතර මීට අමතරව තවත් රුපියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය.

වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක මුදල රුපියල් 40 ක් දක්වා වැඩිකිරීමට ද වැවලි සමාගම් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28)දින අත්සන් කිරීමට නියමිතය.