වතු කම්කරු වැටුප 1000ක් නොවුනොත් ඇමතිකමෙන් අයින් වෙනවා – රාධක්‍රිෂ්නන්
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනහොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා ඒ බව ප්‍රකාශ කලේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් වන අතර වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 750කින් වැඩි කරීම ගැන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා එකඟ නොවන බව විශේෂයෙන් සඳහන් කළේය.
ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම බවත් එය ආණ්ඩුව මඟින් හෝ වැඩි කිරීමට පියවර ගත යතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.