News

වතු සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවන්න තේ මණ්ඩලයේන් කෝටි 10 ක්

වතු සේවකයින්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර තිබේ.

අමාත්‍ය නවින් දිසානායක මහතා වතු සමාගම් සහ වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති එකඟතාවකට පැමිණි නිසා ගැටලු නිරාකරණය කරගැනීමට පහසුකම් සැලසීමක් වශයෙන් මෙවැනි තීරණයක් ගෙන ඇති
බව සඳහන් වෙයි.