‘වධයට’ බයේ දෙදහසක් සරසවි හැර යති
නවකවධය හේතුවෙන් 2017 සහ 2018 වර්ෂවලදී පමණක් ලියාපදිංචි විශ්වවිද්‍යාල සිසුන් එක්දහස් නවසිය අසූ නවයක් (1989) විශ්වවිද්‍යාල හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
2017 වසරේදී සිසු සිසුවියන් විසිනවදහස් තුන්සිය හැටඅටක් (29368) ද, 2018 වසරේදී සිසු සිසුවියන් තිස්දහස් එකසිය එකක්ද (30101) ද සරසවි අධ්‍යාපනය සඳහා ඇතුළත් කරගෙන ඇත. මෙලෙස බඳවාගත් සංඛ්‍යාව සහ හැර ගිය සංඛ්‍යාව සැසඳීමේදී එය විශාල පිරිසක් බව කොමිෂන් සභාවේ අදහසයි.
නවකවධයේදී ලිංගික හා ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීම හේතුවෙන් මෙලෙස සිසු සිසුවියන් විශ්වවිද්‍යාලය හැර යමින් පවතියි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නවකවධය පිළිබඳ පැමිණිලි වාර්තා කිරීමට මධ්‍යස්ථානයක්, වෙබ් පිටුවක්, දුරකථන අංකයක් හඳුන්වා දුන් අතර ඊමේල් ලිපිනයක්ද හඳුන්වා දී තිබේ. ලිඛිත පැමිණිලි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ හැකිය.
නවකවධය පිළිබඳ පැමැණිලි අද වන හත්සියයකට (700) ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇත.ඓම පැමිණිලි අදාළ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට යොමුකර විසඳුම් ලබා දීමට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
උදයජීව ඒකනායක
