News

‘වනජීවීය’ අත්‍යවශ්‍ය සේවාවක් කරන්නැයි ඉල්ලයි-ජනපතිට ලිපියක්

ඇඳිරිනීතිය පවතිද්දී සංවිධානාත්මක කණ්ඩායම් මගින් ස්වාභාවික පරිසර පද්ධතිය විනාශකරමින් සහ වනසතුන් දඩයම් කරමින් සිදුකරන අකටයුතුකම් නැවත්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන්නැයි පරිසර යුක්ති කේන්ද්‍රය ජනපතිට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල බඹරගස්වැව රක්ෂිතය විනාශ කිරීම, ත්‍රිකුණාමලය ආන්දම්කුලම වැව් රක්ෂිතය විනාශ කිරීම, මන්දාරම්නුවර, පිදුරුතලාගල රක්ෂිතයට අයත් පතන් බිම් විනාශ කිරීම, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරීම, කලාවැව රක්ෂිතයේ අලියකු වෙඩිතබා ඝාතනය කිරීම සහ වන රක්ෂිත ගිනි තැබීම ඒ දිනවල සිදුවී ඇති හානි ලෙස එම ලිපියෙන් පෙන්වා දෙයි.

 

සාලියකුමාර ගුණසේකර