News

වනජීවී ඇමතිගේ නිල රථයේ ගැටී අයෙක් මරුට – දෙදෙනෙකුට බරපතලයි

පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.

ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු, පසු පැදිකාරිය හා දැරියක් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇත.

මේ වන විට තුවාලකාරිය හා දැරියවැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාවගේ කොන්ද ප්‍රදේශයට හා දැරියගේ කකුලකට දැඩි තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක්ය.