වන්දනාකරුවන්ට නොසලකන දඹදිව සංචාරකයෝ
දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන බොහොමයක් ආයතන හා පුද්ගලයන් ලියාපදිංචි කර නොමැති අතර ගමන අතරතුර අනතුරට ලක්වන බැතිමතුන්ට කිසිදු සහනයක් එම ආයතනවලින් නොලැබෙන බවද වාර්තා වේ.
එසේ දඹදිව වන්දනා ගමන් යන ආයතන 197ක් ශ්‍රී ලංකාවේ ඇති අතර අනතුරට පත්වන හෝ මියයන අයට කිසිදු වන්දියක් නොලැබේ. මීට හේතු වී ඇත්තේ එම ආයතන බොහොමයක් රක්ෂණය කර නොමැති වීමයි.
2010 සිට පසුගිය අප්‍රේල් දක්වා වූ කාලයේදී දඹදිව වන්දනාවේ ගිය බැතිමතුන් 118 දෙනකු විවිධ අනතුරුවලට ලක්ව මියගොස් ඇත.එහෙත් බුද්ධශාසන කටයුතු ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් නිසි පසුවිපරමක් නොකරන බවද වාර්තා වේ.
