වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්ට නීතිපතිගෙන් කැඳවීමක්
නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල් සහ එම දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ව අද(06) සාකච්ඡාවකට කැඳවා තිබේ.
වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා එම හමුව කැඳවා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.