වප් පුරඅටවක රජයේ නිවාඩු දිනයක් – ක්‍රියාත්මකවීම ලබන වසරේ සිට
ඔක්තෝම්බර් මස යෙදෙන වප් පුරඅටවක පොහෝ දිනය සෑම වසරකම ජාතික නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට අග‍්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර ඇත. ඒ අනූව ලබන වසරේ සිට වප් පුරඅටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්වේ.
අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ වප් පුරඅටවක පොහෝ දිනයක පිරිනිවන් පා වදාළ බැවින් උන්වහන්සේට කෘතගුණ දැක්වීමක් ලෙස ශ‍්‍රී මිහිදු පුරඅටවක පොහෝ දිනය ජාතික උත්සවයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
මිහින්තලය පූජා භුමිය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු නාහිමි කෘතගුණ පූජා පුණ්‍යෝත්සවය ලබන 04,05,06 දිනවල ඓතිහාසික මිහින්තලය රජමහ විහාරයේ පැවැත්වීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළ අතර 05වනදාට යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය හෙවත් ශ‍්‍රී මිහිදු පුරඅටවක පොහෝ දිනයේ මිහිදු මහරහතන් වහන්සේගේ ධාතුන් වන්දනාවක් පැවැත්වීමටද සංවිධානය කර ඇත.
