වයඹ පළාතේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයන්ට හා ඇඳිරි නිතිය කඩකල 60ක් අත්අඩංගුවට
වයඹ පළාත තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයන්ට හා ඇඳිරි නිතිය කඩකිරීම් වලට අදාළව සැකකරුවන් 60ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කළේ “මින් ඉදිරියට ප්‍රචණ්ඩකාරි ක්‍රියා කළහොත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව බලය භාවිත කරමින් ඒවා නතර කිරිමට කටයුතු කරන බවත්. මිනුවන්ගොඩ සිදුවීමට සැකකරුවන් 9ක් හා අනතුරුව 5 ක් අත්අඩගුංගුවට ගත් බවත් ඔවුන් මැයි 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත්ය.
ඒ අනුව වයඹ පළාතෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව සැකකරුවන් 60ක් බව හා ඔවුන්ගෙන් කිහිප දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.