News

වයස 5ත් 16ත් අතර දරුවන්ට අරාබි භාෂාව ඉගැන්වීම තහනම් කරනවා

ලියාපදිංචි මද්‍රසා පාසල්වල වයස අවුරුදු පහත්, දහසයත් අතර දරුවන්ට අරාබි භාෂාව ඉගැන්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කළේය. එමෙන්ම ලියාපදිංචි නොවූ මද්‍රසා පාසල් දහසකට වැඩි ප්‍රමාණයක් තහනම් කරන බවද අමැතිවරයා කීවේය. රට පුරා මද්‍රසා පාසල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් දැනට හඳුනාගෙන ඇති බවද හෙතෙම පැවැසීය.

‘‘මද්‍රසා පාසල්වල අරාබි භාෂාව ඉගැන්වීමට අවසර ඇත්තේ අවුරුදු දහසයට වැඩි අයට පමණයි.

එම පාසල්වල ඉගැන්වීමට භාවිත කළ අත්අඩංගුවට ගත් පොත්පත්වල ළමා මනසට හානිවන හෝ අන්තවාදී කරුණු අත්තර්ගතද යන්න ළමා හා කාන්තා කාර්යාංශයේ මනෝ විද්‍යාඥයින් වෙත යොමුකර ඇත’’ එම විශේෂඥ මතය අනුව ලියාපදිංචි මද්‍රසා පාසල් නියාමනය කිරීමට නියමිතය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා