වරාය ජැටියේ ගිවිසුම නීතිපති අනුමැතියට
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය නම් කරන ලද සමාගම් දෙකකට ලබාදීමට අදාළ ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතියට යොමු කර තිබේ.
බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලූ කමිටුවේ නිර්දේශ ඇතුළත් ගිවිසුම මෙලෙම නීතිපතිවරයාගේ අනුමැතියට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේය. නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඊට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන බවද විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේය.
ඉෂාර රත්නකාර