News

වලපනේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට – 54කට තුවාල

වලපනේ , රාගල මාර්ගයේ මහව්ව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 54ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ඊයේ(24) රාත්‍රි 07.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් යළි අම්පාර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී අදාළ අනතුර සිදු වී ඇත.

එම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති හෙයින් රියදුරට රථය පාලනය කර ගත නොහැකි ව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ප්‍රපාතයකට පෙරළී ඇත.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලපනේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.