වවුනියාවේ ඩෙංගු රෝගීන් 596ක් – ඩෙංගු මරණ දෙකයි
ගතවු වසරේ වවුනියාව දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගීන් 596 දෙනෙකු වාර්තා වි ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි.
වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පැවසූවේ ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
වවුනියාව සෞඛ්‍ය අධිකාරි බල ප්‍රදේශය තුළින් පුද්ගලයින් 405 දෙනෙකුද, වවුනියාව සෙට්ටිකුලම සෞඛ්‍ය අධිකාරි බල ප්‍රදේශය තුළීන් පුද්ගලයින් 107 දෙනෙකු, වවුනියාව දකුණ සෞඛ්‍ය අධිකාරි බල ප්‍රදේශය තුළින් පුද්ගලයින් 48 දෙනෙකු හා වවුනියාව උතුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරි බල ප්‍රදේශය තුළින් පුද්ගලයින් 36 දෙනෙකු වාර්තා වි ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරි කාර්යාලය පැවසීය.
ප්‍රදේශයේ භාවිතයට නොගන්නා පොදු ළිං තුළින් ඩෙංගු මදුරුවන් වාර්තා වීම වැඩි බවට අනාවරණය වි ඇති බව අදාළ ළිං පිරිසිදු කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පැවසීය.
වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල ඩෙංගු මර්දන ඒකකය පැවසූවේ ඩෙංගු මර්දන වැඩසටහන්, පරිසරය පිරිසිදු කිරීම ආදි වැඩසටහන් මගින් වවුනියාව ප්‍රදේශයේ ඩෙංගු රෝගය මර්දනය කිරීටමට වැඩසටහන් දියත් කොට ඇති බවයි.
වවුනියාව – මාධව කුලසූරිය