වවුනියාවේ වෙළඳ සැළක් ගිනි ගනියි
වවුනියාව,නගරයේ විදුලි භාණ්ඩ අලෙවි කළ වෙළඳ ස්ථානයක් ඊයේ(01) දහවල් ගිනිගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන අතර ගින්නෙන් අලෙවි සැළ තුළ තිබු විදුලි උපකරණ රැසක් ගිනිගෙන ඇති බවයි.
ගින්නෙන් විනාශ වු භාණ්ඩවල වටිනාකම තක්සේරු කොට නොමැති බවද පොලිසිය සදහන් කළේය. පොලිසිය පැවසුවේ වවුනියාව නගර සභා ගිනිනිවීමේ ඒකකය හා පොලිස් නිළධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.