වවුනියාව මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි
වවුනියාව,මහකච්චකොඩිය ගම්මානය සති දෙකක කාලයක් හුදකලා කිරීමට අද(27) තීරණය කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසූවේ වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි නාවික සෙබළෙකු වෙත කොවිඩි 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවීමත් සමඟ ගම්මානය හුදකලා කිරීමට තීරණය කළ බවයි.
මහකච්චකොඩිය ගම්මානයේ ස්ථාන කිහිපයක් වෙත අදාළ නාවික සෙබළා ගමන් කොට ඇති බවට අනාවරණය වීමත් සමඟ අදාළ තීරණය ගෙන තිබිණ.
වවුනියාව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම්.සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමඟ සාකච්ජාවක්ද පැවැත්විණ.
එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ පවතින සෞඛ්‍ය අවධානම් තත්වය මත අදාළ ගම්මානය හුදකලා කිරීම සිදුකළ අතර, ගම්මානයේ ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සේවා සැපයීම,සෞඛ්‍ය පරීක්ෂණ පැවැත්වීම ආදිය කඩිනමින් සිදුකළ යුතු බවයි.
වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ ගම්මානයේ අදාළ ආසාදිතයාගේ පවුලේ පිරිස් සම්බන්ධයෙන්ද සෞඛ්‍ය පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.
මාධව කුලසූරිය
