වසරකදී ක්ෂය රෝගයෙන් 600ක් මියයයි
වසරකට ක්ෂය රෝගය වැලඳීමෙන් පුද්ගලයන් 600ක් පමණ මිය යන බව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
එසේම වසරකට මෙරටින් ක්ෂය රෝගීන් නව දහසක් පමණ වාර්තා වන බවද ඔහු සඳහන් කරයි.
මෙරට ඇති බෝවන රෝගවලින් ක්ෂය රෝගය භයානක තත්ත්වයේ පවතින බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
ක්ෂය රෝග ලක්ෂණ ඇත්නම් නියමිත කාලසීමාවක් තුළ ප්‍රතිකාර ලබාගත හොත් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවද ඔහු කියා සිටියි.
වරුණි පෙරමුණ