News

වසරින් වසර ජාතික හැඳුනුම්පත අලුත් කරන්න බෑ

සෑම පුද්ගලයකුගේම ජාතික හැඳුනුම්පත වසරින් වසර අලුත් කළ යුතු බව පාස්කු කොමිෂන් සභා අවසන් වාර්තාවෙන් කර ඇති නිර්දේශය ක්‍රියාත්මක කිරීමට පහසුකම් නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ‘අරුණ’ ට පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ දෙපාර්තමේන්තුව සතුව ඇති දෛනික රාජකාරි සමග එවැනි නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවය. වසරකට ජාතික හැඳුනුම්පත් ලක්ෂ 10ක් නිකුත් කරන අතර ඉන් තුන් ලක්ෂ විසිපන්දහසක්ම අලුතින්ම නිකුත් කරන ඒවා බවද ඒ මහතා කීවේය.

එම ක්‍රියාවලියත් සමග නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත් වසරින් වසර අලුත් කිරීමට හැකියාවක් නොමැති බවත් එහෙත් එම නිර්දේශය යම් හෙයකින් නීතිගත කළහොත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර යම් එකඟතාවකට එළඹෙන බවත් වියානි ගුණතිලක පැවසීය.

චාමර පල්ලේගෙදර