News

වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද

වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද දින සිදුවන බවත් එය ශ්‍රී ලංකාවට දිස් නොවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් උතුරු ඇමරිකාවට දිස්වන අත යුරෝපයට සහ අප්‍රිකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පූර්ණ චන්ද්‍රයා බටහිර තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සුපිරි රුහිරු වෘක චන්ද්‍රයා ලෙස වන අතර උතුරු ඇමරිකානු ස්වදේශිකයන් වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රයා හඳුවන්නේ වෘක සඳ ලෙසය.