News

වසර 13කට පසු මර්වින් CIDයට

ජාතික රූපවාහිනි පරිශ්‍රයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමේ හා දේපළවලට හානිකිරීමේ චෝදනාව සම්බන්ධ විමර්ශනයට හිටපු ඇමැති මර්වින් සිල්වා හෙට (18 වැනිදා) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

නාරාහේන්පිට පොලිසිය මගින් කොළඹ 5, පාක් පාරේ ​අංක 296/7, හි පිහිටි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ නිවසට මේ බව ඊ​යේ (16 වැනිදා) දැනුම් දී ඇත.

2007 දෙසැම්බර් 27 වැනිදා රූපවාහිනි සංස්ථාවේ සිදුකළ කලහකාරී සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ හෙට (18 වැනිදා) උදෑසන 10.00ට පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

හිටපු ඇමැතිවරයාට ඉකුත් මාර්තු 8 වැනිදා නාරහේන්පිට පොලිසිය මගින් කැඳවීමක් කර තිබූ අතර එහිදී අමාත්‍යවරයා නැවත දිනයක් ඉල්ලා තිබිණි.

 

තිස්ස රවින්ද්‍ර පෙරේරා