News

වසාදැමුණු පේරාදෙණිය කළමණාකරණ පීඨය ලබන සදුදා යළි විවෘත කෙරේ

පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය ලබන සදුදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව පේරාදෙණිය සරසවියේ කළමණාකරණ පීඨ සිසුන්ට 28 වැනි ඉරිදා දින නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය දැනුම් දෙයි.

පසුගිය 19 වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වසා දැමුණේය.