වස බැරල තුල පොල්තෙල් ගබඩා කළ කූට ව්‍යාපාරිකයෙකුට දඩ
විෂදියර ගබඩා කිරීමට භාවිත කළ බැරල තුල පොල්තෙල් සහ ෆාම් ඔයිල් අසුරා බෙදාහැරීමේ නිරත ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 60,000ක දඩයක් නියම කර තිබේ.
එම ව්‍යාපාරිකයා සමග අත්අඩංගුවට ගත් පොල්තෙල් තොගය විනාශ කරන ලෙසට කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අධිකරණය නියෝග කර ඇත.
මේලෙස දඩ නියම වූයේ කොළඹ 13 ආදුරුප්පු වීදියේ පදිංචි ව්‍යාපාරිකයෙකුට ය. සැකකරු යලි යලිත් වරද සිදුකරයි නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කර තිබේ.