News

වළව මාරාන්තික උපවාසයේ නිරත තිදෙනා රෝහල් ගතකෙරේ

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සහ තවත් ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් මාරාන්තික උපවාසයේ නිරත ගොවින් තිදෙනා රෝහල් ගතකර තිබේ.

ඊයේ (10) සවස උපවාසය අවසන් කෙරුණ අතර රාත්‍රී 7.00ට පමණ ගොවීන් තිදෙනා සූරියවැව ප්‍රාදේශීය රෝහල වෙත යොමුකර ඇත.

මේ අතර වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය සහ සංවිධාන 86ක නිලධාරීන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකය.

කසේ වෙතත් අදාළ ගැසට් පත්‍රය මසක් ඇතුළත නිකුත් කරන බවට ඊයේ දැනුවත් කිරීමත් සමඟ ආරම්භ කළ මරාන්තික උපවාසය අවසන් නමුත් සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.