ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදය ලබන බ්‍රහස්පතින්දා – ගම්මන්පිල
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදය ලබන බ්‍රහස්පතින්දා පවත්වන බවට කථානායකවරයා දැනුම්දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.
අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට ජාතිකවාදී සහ වාමාංශික පක්ෂ එකඟතාව පළ කර ඇති බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.