ව්‍යාජ අරක්කු වළක්වන ස්ටිකරයට විරෝධය
ව්‍යාජ මත්පැන් වැළැක්වීම සඳහා කඩදාසි පාදක ස්ටිකරය සහ ඩිජිටල් ස්ටිකරයක් දේශීය මත්පැන් බෝතල්වලට ඇලවීමේ ව්‍යාපෘතියට මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදකයන් විසි තුන්දෙනාම සිය විරෝධය සුරාබදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ආනයනික මත්පැන් බෝතලය සඳහා ස්ටිකර් ක්‍රමය 2017 වසරේ සිට ආරම්භ විය. ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම නතර කිරීම, සුරාබදු ආදායම් වර්ධනය, බදු හෝ තීරුබදු නොගෙවෙන ලද මත්පැන් භාවිතය වැළැක්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියට දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහාද ලබන ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේය. දේශීය මත්පැන් වෙළෙඳපොළේ ද ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීමේ අරමුණින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එහෙත් බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදකයන් ඊට විරෝධය පළ කරමින් පෙන්වා දී ඇත්තේ ස්ටිකර සඳහා අමතර වියදමක් දැරීම, අමතර සේවකයන් බඳවා ගැනීම සහ යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීමට සිදුවන බවයි. එහෙත් මුදල් අමාත්‍යාංශය විසින් ස්ටිකර සකස් කිරීම සඳහා වසර පහක කාලයකට ඉන්දීය සමාගමක් තෝරාගෙන ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව ද ලබා දී ඇත. එක් ස්ටිකරයක් රුපියල් දෙක බැගින් ලබා දීමට නියමිතය.
මත්පැන් නිෂ්පාදකයන් විරෝධය පළ කළ ද ස්ටිකර ඇලවීමේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
උදයජීව ඒකනායක