News

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි සිරියානු පවුලක් අත්අඩංගුවට

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කරමින් දිවයිනට ඇතුලුවීමට උත්සහ කළ සිරියානු ජාතික පවුලක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තයේදී අද අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙලෙස පැමිණ ඇත්තේ ඔහුගේ බිරිඳ සහ අවුරුද්දක් වයසැති සිය දරුවා සමඟ සිරියානු ජාතික 29 හැවිරිදි දන්ත වෛද්‍යවරයෙකි.

ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි මොවුන් පිළිබඳ සැක සිතී සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් මෙරටට පැමිණ ඇති බවට හෙළිවී ඇත.