ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ වෑන් රථයක රියදුරු මාට්ටු
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට ජාතික පාසලකට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මුල්ගිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට ඡන්ද පොළ භාර නිලධාරියා, පොලිස් නිලධාරියා සහ සහයකයා ඡන්ද පෙට්ටිය රැගෙන මෙම වෑන් රථයට ඇතුළු වී ඇත.
එහි රියදුරු අසුන අසළ තිබී මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය හමු වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කල අතර ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ කිසිම සලකුණක් ලකුණු කර නොමැති බවත් පත්‍රිකාවට යටින් ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා පමණක් යනුවෙන් සඳහන් කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
