ව්‍යාජ බලපත්‍ර හා සහතික පත් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ගල්නෑව පොලිසියට ලද තොරතුරකට අනුව ගල්නෑව, කලංකුට්ටිය ප්‍රදේශයේදී ව්‍යාජ බලපත්‍ර හා සහතික පත් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී නඩු භාණ්ඩ වශයෙන්
රියදුරු බලපත්‍ර 42
වාහන අදායම් බලපත්‍ර 08
වැලි හා බොරළු ප්‍රවාහන බලපත්‍ර 14
උප්පැන්න සහතික 07
මරණ සහතික 01
අ.පො.ස සාපෙළ විභාග ප්‍රතිපල ලේඛනයක්
රබර් මුද්‍රා
පරිගණක යන්ත්‍ර 02
ලැප්ටොප් 02
ස්කෑනර් යන්ත්‍ර 01
ලැමිනේටින් යන්ත්‍ර 01
පරිඝනක මුද්‍රණ යන්ත්‍ර 02
ඩොන්ගල් 02ක් හා රවුටරයක් තිබී ඇති අතර සැකකරු අද දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගල් නෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.