News

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් සමඟ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පිළියන්දල , කොලමුන්න ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් හා ජංගම දුරකථනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන කොලමුන්න ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.