News

ව්‍යාජ රු.5000 නෝට්ටු 16ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාඡ මුදල් නෝට්ටු 16ක් සහ රුපියල් දහසේ නෝට්ටු 95ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙකු වන අතර මොරවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.