News

වානරයන්ටත් කොවිඩ් එන්නත විදියි

ඇමරිකා එක්සත් ජනපදය ලොව ප්‍රථම වරට වානරයන්ට කොරෝනා එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.

මෙලෙස කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාදී ඇත්තේ ලොස් ඇන්ජලිස් හි සැන් – දියේගෝ සත්වෝද්‍යානයේ වානරයන් 9 දෙනෙකුට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට ඔරංඔටන් සත්වයන් හතරදෙනෙකු සහ බොනොබෝ ගෝරිල්ලන් පස්දෙනෙකු එලෙස එන්නත් ලැබූ වානරයන්ට ඇතුළත් වේ.

1994 වසරේදී ලොව ප්‍රථම විවෘත හදවත් සැත්කමට භාජනය කෙරුණු කාරෙන් නැමති සුමාත්‍රා ඔරංඔටං ගැහැණු සත්වයාද එම එන්නත් ලැබූ වානරයන් අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි