News

වාහන උස්සන කල්ලි වටලන්න පොලිසිය සිවිල්පිට

වාහන උස්සන කල්ලි වටලන්න පොලිසිය සිවිල්පිට

උත්සව සමයේ වාහන සොරකම් කරන කල්ලි අල්ලන්න සිවිල් ඇඳුමින් යුත් පොලිස් කණ්ඩායම් යෙදවීමට පොලිස් මූලස්ථානය නියෝග ලබාදී ඇත.

ගතවූ පැය විසිහතරට පමණක් යතුරුපැදි හයක් හා ත්‍රිරෝද රථ තුනක්, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලින් සොරකම් කර ඇතැයි අනාවරණය වේ.

සංවිධානාත්මක කණ්ඩායම් වාහනවල අගුළු ඉවත් කර ඒවා සොරකම් කරගෙන යාමට පෙලඹී ඇති බැවින් යතුරුපැදි, ත්‍රීවීල් ගාල් කිරීමේදී නිරන්තරයෙන් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා