වැටුප් වැඩි කිරීමේ චක්‍රලේඛය නිකුත් නොකළහොත් ගුරු විදුහල්පතිවරු සංකේත වර්ජනයක
අතුරු වැටුප් වැඩිකිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් නොකළහොත් ලබන 8 වැනිදා සංකේත වැඩ වර්ජනයක යෙදීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.
ගුරු හා විදුහල්පතිවරුන්ට අතුරු වැටුප් වැඩිවීමක් ලබාදීමට අදාළව ඉකුත් 15 වැනිදා කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙතෙක් තමන්ට ලැබී නැතැයි වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභා නිලධාරීන්, මෙම වෘත්තීය සමිති එකමුතුවට දැනුම් දී තිබේ.
දැනුම් දීම කර ඇත්තේ ඉකුත් 25 වැනිදා දෙපාර්ශ්වය අතර සාකච්ඡාවකදීය. අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ද සාකච්ඡාවට එක්ව සිටියහ. කැබිනට් මණ්ඩල තීරණය ලැබුණහොත් වැටුප් වැඩිකිරීමට අවශ්‍ය කටයුතු කරන බව එම නිලධාරීන් වෘත්තීය සමිති නියෝජිතයන්ට දන්වා තිබේ.
ජනාධිපතිවරණයට පෙර අවසන් කැබිනට් රැස්වීම ලබන මස 5 වැනිදාට යෙදී ඇති බවත්, ඊට පෙර චක්‍රලේඛය නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ගුරු හා විදුහල්පති වෘත්තීය සංගමයේ සම කැඳවුම්කරු මහින්ද ජයසිංහ ඊයේ (27 වැනිදා) ‘අරුණ’ට පැවැසීය.
නිලන්ත මදුරාවල
