වැටුප් හා කෑම නොමැතිව මෙරට වැඩ කරන ඉන්දීය කම්කරුවන් 30දෙනා මව් රටට යන්න ඉල්ලයි
වැටුප් ආහාර පානීය ජල පහසුකම් ආදී මූලික පහසුකම් නොමැතිව වහල් සේවයේ ඉන්දියානු කුලී කම්කරුවන් 30 දෙනෙකු පමණ පිරිසක් වහාම තම මව් රටට යවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර සිටිති.
මෙම පිරිස ගලේවෙල කටුපොත ප්‍රදේශයේ නිවසක නවතා සිටින අතර මේ දිනවල ඔවුන් පැමිණි කුලි සේවයෙන් ඉවත්ව වර්ජනයක නිරතව සිටිති , ඔවුහු තිස් දෙනකු පමණ තරුණයන් සිටිති. Krisna power ක්‍රිස්නා පවර් නැමැති ඉන්දියානු කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉන්දියාවේ ජාර්කාඩ් ප්‍රාන්තයේ සිට (Jharkhand) මෙරටට ගෙන්වා තිබෙන බවත් ඔවුහු පවසති.
මේ වන විට මාස දෙකක පමණ කාලයක සිට වැටුප් ලබා නොදීම නිසි ලෙස ආහාර පාන නොමැති වීම එමෙන්ම පානීය ජලය නොමැතිවීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කියති. මෙම ඉන්දියානු ශ්‍රමිකයන් මෙරටට පැමිණ මාස හයක පමණ කාලයක් මේ වනවිට ගත වී තිබෙන බවද ඔවුන් කියති. තමන්ගේ එකම ඉල්ලීම වන්නේ හිග වැටුප් ලබා දී සිය මවු රටට යවන ලෙස ය.
ගලේවෙල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් ඇදීමේ කම්කරුවන් ලෙස ඔවුන් මෙරටට ගෙන්වා තිබෙන බවත් එක් අයකුට ඉන්දියානු රුපියල් 600 ක මුදලක් ලබා දෙන බව පොරොන්දු ව සේවයට පැමිණි බවද ඔවුන් කියති .කෙසේවෙතත් ඔවුන් සතුව වීසා බලපත්‍රයක් ගමන් බලපත්‍රයක් කිසිවක් නොමැති බවත් ඒ සියල්ල krisna power ක්‍රිස්නා පවර් නැමැති න්දියානු කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු සතුව පවතින බව ඔවුන් කියති.
තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ගලේවෙල පොලීසියට මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පොලීසිය මැදිහත් වී කඩිනමින් තමන්ව යවන බව ප්‍රකාශ කළ ද කොන්ත්‍රාත්කරුවන් ඊට කිසිදු අවධානයක් යොමු නොකළ බව මෙම සේවකයෝ කියති. ගලේවෙල කටුපොත ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු සිටින බව තවත් ඉන්දියානු තරුණයන් රැසක් ස්ථාන ගණනාවක මේ ආකාරයෙන් සේවයේ යොදවා තිබෙන බව ඔවුන් කියති. ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පිරිස් මෙහි ගෙන්වා තිබෙන බවද ඔවුන් කියති.
මෙම පිරිස භාරව සිටින krisna power නැමැති පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ වැඩ පාලක වරයෙකු ලෙස කටයුතු කරනු ලබන්නේ ද ඉන්දියානු ජාතිකයෙකු වේ. ඔහුට අප දුරකථනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමේදී සිය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීම විශේෂත්වයකි. මෙම තරුණියන් සියලුදෙනාම කියා සිටියේ රාත්‍රීකාලයේ බිම නිදා ගන්නා බවත් ආහාර පිසීම සඳහා එක මුට්ටියක් සහ තාච්චියක් පමණක් තිබෙන බවය .නැවතී සිටින ස්ථානයේ පිහිටි අපිරිසිදු ලිදකින් සියලු ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සිදුව තිබෙන බවත් උදේ අටේ සිට රාත්‍රී 10 . 12 දක්වා එක් අයකු සේවය කළ යුතු බව ද ඔවුහු කියති.
මේ පිළිබඳව අවධානය යොමු කොට කඩිනමින් තමන්ගේ වීදේශ ගමන් බලපත්‍ර සහ ඉන්දියාවට ගමන් කිරීම සඳහා ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර සහ හිග වැටුප් ලබාදෙන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.