වැඩිම වැසි කටුනායකට
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශවලින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මිලිමීටර් 272.3ක අධික වර්ෂාපතනයක් කටුනායකට ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අධික වැසි තත්ත්වය කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම්වලට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
