වැඩිහිටියන්ගේ මුදල් මිලියන 1500ක් සමාජ අමාත්‍යාංශ ගිණුමක හිරවෙලා
සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍යාංශය මගින් වැඩිහිටියන් සඳහා ලබා දෙන දීමනාවෙන් මාසිකව අඩුකර ගත් මිලියන 1500කට වැඩි මුදලක් වසර දෙක හමාරක සිට එහි ගිණුමක රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වේ.
අවුරුදු 70ට වැඩි අඩු ආදායම් පවුල් සඳහා මාසිකව රුපියල් 2000ක දීමනාවක් ගෙවීමට 2015 සිට ආරම්භ කළේය. ඒ අනුව 2016 අගෝස්තු 31 වැනි දින සිට එසේ ගෙවන දීමනාවෙන් මාසිකව රුපියල් 100ක මුදලක් කපාගෙන ඇත. මේ වන විට වැඩිහිටි දීමනාව ලබන හාරලක්ෂ දාසය දහසක් (416,000) සිටිති.
මේ සම්බන්ධයෙන් වැඩිහිටි මහ ලේකම් කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.කේ. ක්‍රිෂාන්තගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එම අරමුදලෙන් වැඩිහිටියන්ගේ සුබසාධන කටයුතුවලට වැය කිරීම සඳහා වැඩිහිටි ජාතික සභාවේ අනුමැතිය ලැබී ඇති බවයි.
චමින්ද සේනාරත්න