වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් – රාජිත
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (25) මාතලේ දී ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල මාතලේ නගරයේ දී විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුව අමතමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බහුජාතික සමාගමකින් මිලදී ගන්නා පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසට තමන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසු අතර ඉදිරියේ දී ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීමේ නියෝගය ලබාදෙනවා. ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ නාමයෙන් ඖෂධ ලිවීම විදේශීය රටවල සිදු කිරීමට හැකි නම් ලංකාවට ඇයි බැරි. මෙවැනි හොරකම් කමයි ඖෂධ වෙළෙදපොලේ තිබෙන්නේ. මෙම ඖෂධ ජාවාරම් මගින් මුදල් හම්බ කළ අයට විශාල පාඩුවක්. ඇතැම් වෛද්‍යවරුන්ට සමාගම් මුදල් ලබාදෙනවා යනුවෙනි.