වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු කොළඹ ප්‍රධාන් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
