වැල්ලවත්තේ ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 03ක් ඇතුළුව 06කට තුවාල
වැල්ලවත්ත, මයුර පෙදෙසේ නිවාස සංකීර්ණයක පිරිසක් සහ කොන්ත්‍රාත් සමාගමක කම්කරුවන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුලු හයදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම ගැටුම ඊයේ (04)රාත්‍රී 11 ට පමණ ජංගම දුරකථනයක් මුල්කරගෙන ඇතිවූ ගැටළුවක් හේතුවෙන් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුද එහිදී තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ගැටුමට මැදිහත්වූ තවත් තුන්දෙනෙකුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
