වැල්ලවත්ත මාරක අනතුරෙන් තුවල ලැබූ තවත් අයෙකු මරුට
වැල්ලවත්තේ මාරක අනතුරෙන් තුවල ලැබූ පුද්ගලයෙකු ඊයේ (06) පස්වරුවේ මියගොස් තිබේ.
අනතුර සිදුව තිබුණේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේ ය. බීමත් රියදුරෙකු විසින් රාත්‍රී සමාජ ශාලාවක සිට මෝටර් රථයකින් පැමිණ පා පැදිකරුවකු හා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට පත්කර තිබුණා.
අනතුරට ලක්කර ඔහු පළාගොස් තිබුන අතර අනතුර සිදුවූ අවස්ථාවේදීම එක් අයෙකු මියගොස් තිබුණි.
පොලිස් ස්ථානයේ නිලධාරින් අදාළ මෝටර් රථ රියදුරා සහ එහි සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට මෙරට තුළ දෛනිකව සිදුවන රිය අනතුරුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර ඊයේ (06) දිනයේ ද රිය අනතුරුවලට ලක්විමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
ඒ අතරින් 09 දෙනෙකුම යතුරුපැදිකරුවන් බව අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.