වැල්ලවාය නගරයේ කළ හදිසි සෝදිසියකින් යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් රැසක් සහ සිවුරු හමුවෙයි
වැල්ලවාය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ අද (09) දින යුද හමුදා නිලධාරීන් විසින් විශේෂ සොදිසි මෙහෙයුමක් සිදු කළේය.
එහිදී වැල්ලවාය නගරයේ මුස්ලිම් පල්ලිය, වෙළදසැල් සහ නිවාස රැසක් පරික්ෂාවකට ලක් වූ අතර එහිදී යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් රැසක් සහ සිවුරු,රැසක්ම වෙළදසැල් වල තිබියේදී යුද හමුදා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
එම නිල ඇදුම් අතර යුද හමුදා කලිසම් වලට සාමන ඇදුම්, හිස් වැසුම් සහ ටී ෂර්ට් රැසක්ම සොයාගෙන ඇත.
එම ඇදුම් පොලීසිය වෙත භාර දෙන ලෙසට එම පුද්ගලයන් වෙත යුද හමුදා නිලධාරීන් උපදෙස් දෙන තිබේ.
මෙම සිදුවීම් පිළිබඳ ඉදිරි විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදු කරයි.
ජයන්ත වීරසේකර