වැල්ලේ සුරංගගේ ප්රධාන ගෝලයෙක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නමැත්තාගේ ප්රධාන ගෝලයෙකු මට්ටක්කුලිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
23 හැවිරිදි සැකකරු කුමාරපේලියගේ ළහිරු නයනප්රිය නමැති අයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ ,සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ මෙහෙයුමකදීයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රැම් 02 යි මිලිග්රැම් 85 ක් ,කේරළ ගංජා ග්රෑම් 50 යි මිලිග්රෑම් 467 ක් , කඩු 02 ක් සහ රුපියල් එක් ලක්ෂ 34,150 ක මුදලක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
සැකකකරු අද (07) මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.