News

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක්

සිදුකළ විශේෂ සෝදිසියකදී වැලිකඩ බන්ධනාගාරයේ තිබී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් අංශයේ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවයි.

ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04, බැටරි 08 ක් සහ චාජර් 06 ක් එම විශේෂ මෙහෙයුමේ දී සොයාගෙන ඇත.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා,

“වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශය විශේෂ සෝදිසියකට ලක්කළා. ඒක බන්ධනාගාර කොමසාරිස් තුමාගේ නියෝග මත සිදුකරේ. එහිදි ජංගම දුරකථන 11ක්, සිම් පත් 4ක්, බැටරි 8ක් හා චාජර් 6 කුත් සොයාගත්තා. ඉදිරියේ දී කොළඹ අවට බන්ධනාගාරවල මෙවැනි හදිසි සෝදිසි කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.“